Wednesday, January 15, 2014

මේ රටේ අහිංසක කාන්තාවකට පාඩුවේ බ්ලොග් එකක් කරගෙන වත් ඉන්න දෙන්නේ නැති හැටියක්...

මගේ බ්ලොග් එකේ ගන්න දෙයක් නැහැ. ප්‍රසිද්ධ වැසිකිලියක් වගේ. මුලින්ම ප්‍රතිවාදියා කියලා එකෙක් ඇවිල්ල ඌ කැත කරලා ගියා. ඊට පස්සේ එක එක හිවලා ඇනෝ නමින් ඇවිල්ලා දැන් උන් කැත කරලා යනවා. මෙහෙම මට කරන්නේ ඇයි මම කාන්තාවක් නිසා. මේක තමයි දැන් රටේ ඔඩු දුවලා තියෙන පුරුෂාධිපත්‍යය.කියන එකට හොඳම නිදසුන. මම කාන්තාවක් නිසා මට මගේ පාඩුවේ බ්ලොග් එකක් කරගෙන නිදහසේ ජීවත් වෙන්න ඉඩක් නැහැ. පිරිමි කියන නපුංසක චරිතවලට බය වෙලා ඔවුන් කියන හැටියට දැනේ මට සයිබර් අවකාශයේ සැරිසරන්න සිදු වෙලා. මෙහෙම වෙලා තියෙන්නේ මොකද අපේ රටේ මුල් බැස ගෙන තිබෙන පුරුෂාධිපත්‍යය නිසායි. මොකද අපේ රටේ ඉන්න පිරිමි හිතනවා ගෑනු අපි උන් මොනවා කළත් කමක් නැහැ අපි උන් කියන දේවල් අහා ගෙන උන්ට මල් තියලා වැඳගෙන ඉන්න ඕන කියලා වැරදි හිස් ගොන් මතවාදයක උන් සේරම ඉන්නවා.


මම අපේ රටේ ඉන්න මම වගේම අසරණ කාන්තාවන්ට ආරාධනා කරලා තියනවා කරුණාකරලා එන්න ඇවිල්ලා මගේ බ්ලොග් එක කියවලා බලන්න. මේ රටේ ජීවත්වන ඔයාලා වගේ අසරණ කාන්තාවකට තමන්ගේම කියලා බ්ලොග් එකක් පවත්වාගෙන යන්න වත් නිදහසක් ලැබිලා නැති හැටි ඇවිල්ලා බලලා යන්න. කරුණාකරලා මේවා කරන අයට මම කියන්නේ දැන්වත් නුඹලා නුඹලගේ ඔය නපුංසක වැඩ නතර කර පල්ලා. මට පාඩුවේ මගේ බ්ලොග් එක කරගෙන යන්න ඉඩ දීපල්ලා. නැතිනම් නුඹලට වැඩි දවසක් ඔය විදිහට නටන්න මම ඉඩ දෙන්නේ නැහැ. දැන ගනිල්ලා මම උඹලා හිතනවට වඩා වෙනස් චරිතයක් කියලා. නුඹලා කරන දේවල්වල ප්‍රතිපල දැන්ම උඹලට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වුනාට ලගදීම නුඹලට වෙන්නේ මොනවද කියලා හොඳට ඇහැ ගහගෙන බලා ඉඳපල්ලා.


මම මේ නුඹලට කරන්නේ තර්ජනයක් කියලා හිතන්න එපා. මේ මම කරන දෙයක් කලින්ම කිව්වේ. එක හිවලෙක් එයාගේ ලොකුකම පෙන්වලා මට තර්ජනය කරලා යන්න ගියා. දැන් නම් කට්ටිය සද්දයක් නැහැ. සද්දයක් නැතුව ඉඳලා එක පාරටම කට්ටිය පැනලා අසමජ්ජාති වැඩක් කරලා ආයිමත් පැනලා යන්න පුලුවන්. මේ අය හරියට අර ජංගිය තෙමා ගන්න පොඩි එවුන් වගේ තමයි වැඩ කරන්නේ. ටිකක් හොඳට ඉන්නවා එක පාරටම මුත්‍රා කරලා ජංගිය තෙමා ගෙන පොඩ්ඩක් විතර කෑ ගහනවා. ආයිමත් හිටපු තැනට යන්න යනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකල් කිසිම හැල හොල්මනක් නැහැ. මම හිතන්නේ මට මොනවා කරන්න ද කියලා කට්ටිය එක්ක බරටම සාකච්ඡා කරනවා වෙන්න ඇති. ඇයි හිඟන්නෝ කට්ටියක් නේ සෙට් වෙලා තියෙන්නේ. අනිත් එක මා වගේ කෙනෙක් එක්ක හැප්පෙන්න මොනවද මෙයාලට තියෙන සුදුසුකම්. අඩුම තරමින් මා එක්ක හිටගෙන කතා කරන්නවත් කාර් එකක යන මිනිහෙක් වෙන්න ඕන. මෙයාලා සයිකල්, බස්වලින් ඇවිල්ලා පෙජරෝ, මොන්ටෙරෝවලින් ඇවිල්ලා වගේ කතාව නම්. පුදුම මහන්තත්කමක් තමයි මේ හිඟන්නන්ගේ තියෙන්නේ. හිඟන්නෝ කොහොමත් තමන්ගේ ගැන මහත්තත්තකම්වලින් තමයි හිතන්නේ කියන්නේ කරන්නේ කියලා මගේ අත්දැකීම්වලින් මම දන්නවා.

1 comment:

  1. තොට මම දෙන්නේ උල් සපත්තුවෙන් හිඟන කොටා. දැන් එනවද මගේ ඇඩ්‍රස් එක ඉල්ලගෙන. ඇයි මොකද පිටකොටුවේ බෝගහ ගාව උඹලා වගේ හිඟන්නෝ යන එන තැන්වල අර නුඹලා මහ ලොකුවට වර්ණනා කරන ගැහැණු නැතුවද? නුඹලාට ගැහැණු එපා නම් ඇයි දැන් ඇඩ්‍රස් ඉල්ලලා කරදර කරන්නේ..

    ReplyDelete