Monday, January 20, 2014

ප්‍රති වාදියා කියන අන්තර්ජාල පිස්සාගේ බ්ලොග් එක විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ වාරණයට ලක් වෙයි....

අනුන්ට වැරදි කරන්න ගිහිල්ලා අන්තිමේ තමන්ට වරදින කල් තමන්ම දන්නේ නැහැ. ප්‍රති වාදියා කියලා මෙච්චර කල් බ්ලොග් එකක් කරගෙන ගිහිල්ලා පුලුවන් තරම් මේ රටේ අහිංසක අසරණ කාන්තාවන්ට ඉතා අසභ්‍ය විදිහට කුණු හරුප කියලා බ්ලොග් එකෙන් බැනපු ප්‍රති වාදියා බ්ලොග් අඩවිය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් සීමා කරලා. දැන් ඒකට ප්‍රවේශ වෙන්න සාමාන්‍ය පාඨකයින්ට බැහැ. ඒකට අවසර ගන්න වෙනවා. ඕන කමින් අවසර අරගෙන කුණු හරුප කියවන්න අපේ රටේ ඉන්න අහිංසක ගැහැණු දරුවන්ට වුවමනාවක් නැහැ. මේ වගේ පිස්සන්ට මෙහෙම දේවල් කරන්න වෙනවා. අපි කාන්තා සංවිධානවල කාන්තාවන් එකට එකතු වෙලා මේ සම්බන්ධව ගත යුතු නීතිමය ක්‍රියා මාර්ග අරගත්තා. ඒක අපි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට දැන්නුවා. අපිට උපදෙස් ලැබුනා පොලිස් පැමිණිල්ලක් සිදු කරලා ඒකේ පිටපතක් අරගෙන නීතිඥයෙකු මාර්ගයෙන් සිවිල් දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ගොනුකරන්න කියලා. අපි ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග සියල්ල ගත්තා. දැන් ක්‍රම ක්‍රමයෙන් අන්තර්ජාලයේ තියෙන මේ වගේ වසංගත අඩු වෙලා යන්න යාවී කියලා කාන්තාවන් විදිහට අපි විශ්වාස කරනවා.

මේ රටේ බහුතරයක් ඉන්නේ කාන්තාවන්. ඒ වුනාට එක එක පිස්සා කියන කියන පිස්සු කතා නිසා කාන්තා අපි නිකරුනේ අපහාස විඳින්න වෙලා තිබුනේ. අපි මුල දී නිහඬව හිටියා. එහෙම නිහඬව හිටියේ අපේ හිත්වල පුරුෂ පක්ෂය කෙරෙහි පිතෘ මූලික ගෞරවයක් තිබුණූ නිසයි. ඒ පිතෘ මුලික ගෞරවයට පවා මේ වගේ වසලයන් නිසා අත්පත් වුයේ විශාල නොමැකෙන කැළලක්. අපි නිහඬව හිටියේ පිරිමින්ට බයේ නෙවෙයි. අපිටත් තාත්තා කෙනෙක්, සහෝදරයෝ, පිරිමි දරුවෝ ඉන්නවා කියලා කාන්තා අපි අවංකව විශ්වාස කරපු නිසා. එයාලගේ ගෞරවය අපේ ගෞරවය තරමටම වටිනවා කියලා අපි අවංකව විශ්වාස කරපු නිසා තමයි මෙච්චර දුරටකට හරි අපි අපිට මෙච්චර අන්තර්ජාලයෙන් අපහාස කරද්දීන් නිහඬව හිටියේ අපට වැටහුනා මෙහෙම තව දුරටත් හිටියොත් ඒක අපි වගේ කාන්තාවන්ට සිදු කරන විශාලතම අසාධාරණයක් කියලා. ඒ නිසා තමයි අපි සේරම මෙහෙම ක්‍රියාකාරීව සංවිධානය වෙලා මේ අසාධාරණයට එරෙහිව නෛතික පිළිසරණක් පැතුවේ. අපි නීතියට ඉහළින් ගරු කරනවා.අපි නීතිගරුකයි හැමදාමත් ම.

2 comments:

  1. අනේ අක්කේ මටත් හොඳටම තේරුනා ඔය ප්‍රති වාදියා කියලා කියන්නේ මහ හොරෙක් කියලා. මමත් දවසක් දෙකක් මිනිහට රැවටිලා මිනිහගේ බ්ලොග් එකේ කමෙන්ට් කලා විතරයි මෙන්න මිනිහා මගේ පස්සෙන් වැටුනේ නැතෑ. මිනිහා දිගටම මාව ෆලෝ කරන්න ගත්තා. මටත් තේරුනා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව. මම මොකද දන්නවද කලේ මිනිහාව හොඳට ඇන්දුවා මිනිහාමටම එපා වෙන්න. කැම්පස් කෙල්ලන්ගේ හැටි දැන ගන්නත් එක්කලා

    මිනිහා හොඳටම වාත වුනා. මිනිහා අහපි මගේ ලිපිනය මොකක්ද ඔයාගේ ඊ මේල් එක මට එවන්න. ඔයාගේ මොබයිල් අංකය මොකක්ද? ඔයා ඉන්නේ මහරගමද නැතිනම් නුගේගොඩ ද? ඔයා ඉගෙන ගන්නේ මොන කැම්පස් එකේද? මිනිහා මහා චාටර් ගෑනු පෙරේත බුවෙක් බව මට හොඳින්ම තේරුනා. ඔයාටත් ඌ දාලා තියෙන්නේ ඹය මට දාපු පාට් එකම තමයි. අන්තිමේ පොට වැරදුනාම ඔයාට හොඳටම දෙහි කපලා පොර මාරු වුනා නේද?

    අක්කි හොඳ වැඩ් ඔය පිස්සු යකාව පොලිසීයට අල්ලලා දෙන්න තිබ්බේ. මම එහෙම නම් සෙරෙප්පු පාරවල් හත අටක් ගහලාම ඌව පොලිසියට අල්ලලා දෙනවා. කොහොම වුනත් ඔයාලා කලේ නම් ලොකුම ලොකු සමාජ සත්කාරයක් අක්කි. මට කියන්න වචන නැහැ. ඔයාට ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  2. බොහෝවිට සමාජයේ දී මිනිසුන් තමන්ගේ සැබෑ ප්‍රතිරූපය වෙනුවට අනුන්ගේ අනන්‍යතාවය භාවිතා කිරීමට යොමු වී ඇති ආකාරය දැන් දැන් වර්තමාන සමාජය පුරා ඉතා වේගවත්ව දකින්නට ඇත. තමන්ගේ සැබෑ ස්වරූපය වෙනුවට වෙනත් ස්වරූපයකින් පැමිණ නරක දේවල් කිරීමට ඇති වුවමනාව නිසාම ඇතැමුන් මෙලෙස කටයුතු කරති. නමුත් ඔවුන්ව වහාම හදුනා ගත් පසුව ක්ෂණිකව ඔවුන් බිය වෙන බව පෙනේ. හොරකම් කරන පුද්ගලයා රාත්‍රියේ වැනි කාලයක පැමිණෙනුයේ තමන් කරන ක්‍රියාව රහසක් වශයෙන් තබාගත යුතු බැවිනි. අන්තර්ජාලයේ ව්‍යාජ අනන්‍යතාවයන් භාවිතා කරන්නා ද සිදු කරන්නේ මෙවැනි ක්‍රියාවකි. අන්තර්ජාලය භාවිතා කරන අපි බුද්ධිමත් වුවහොත් පහසුවෙන් මෙවැනි පුද්ගලයන් අල්ලා ගත හැකිය.

    ReplyDelete