Sunday, January 19, 2014

ප්‍රති වාදියා කියලා පිස්සෙක් බ්ලොග් එකක් කරනවා කවුරුත් අපේ කෙල්ලෝ ඒ පැත්තේ යන්නේ නැහැ...

ප්‍රති වාදියා කියන නරුම බ්ලොග්කරුවා මේ වතාවේ බ්ලොග් ලිපියක් දාලා තියෙනවා කාන්තාවන්ට ආත්මාරක්ෂක සටන් ක්‍රම හැදෑරීම හොඳ නැත කියලා. ඌ ඒ වගේ ලිපියක් දැම්මේ අපි වගේ තරමක් කටකාර දඩබ්බර කෙල්ලන්ට අතවර කරන්න ගිහිල්ලා හොඳට බඩ කට පුරා ගුටි කාපු බයටද කොහේද මම නම් හිතන්නේ. ඌ අල්ලගෙන ගැහැව්වට පස්සේ කාන්තාවන් සටන් ක්‍රම ඉගෙන ගන්නවට ඌ හොඳටම බය වෙලා. අනික ඌ වගේ හැලපයෝ වැඩියම කැමති කාන්තාවන් නිකම් බත් තම්බන්නියෝ වෙලා ඉන්නවා නම්. ඇයි ඌ වගේ මෝඩ අවලම් පිරිමින්ට එතකොට පුලුවනි නේ කාන්තා අපිව දරුවෝ හදන මැෂින් විදිහට පාවිච්චි කරන්න. මගේ ආකල්පය නම් කෙල්ලෝ අපි හැම විටදීම සූදානම් වෙලා ඉන්න ඕන පිරිමියෙකුට අභියෝගයක් වන පරිදි ජීවත් වෙන්න. ඕන තැනක අපට යන්න එන්න අපි කැමති විදිහකට ජීවත් වනේන, පිරිමි ඇඹලයින්ගෙන් පරෙස්සම් වෙලා ජීවත් වෙන්න අපිට පුලුවන් වෙන්නේ එතකොටයි.

මම නම් කියන්නේ ඒක නිසා කෙල්ලෝ හැමෝම ආත්මාරක්ෂක සටන් ක්‍රම අනිවාර්යයනේම හැදෑරීය යුතුයි. කුන්ෆු, අංගම් පොර, කරාටි, මල්ලව පොර, බොක්සින්, ජින් කුට් ඩූ වගේ හැම ශෛලියකම ආත්මාරක්ෂක සටන් ක්‍රම පිරිමින්ට වැඩිය හොඳට ගැහැණු අපට හදාරන්න පුලුවන්. මොකද පිරිමින්ට සිගරට් අරක්කු බොන්න, මත් ද්‍රව්‍ය බොන්න, ගැහැණු ආශ්‍රය කරන්න වගේ දාහක් දේවල් කරන්න ඕන. මේ හේතුව නිසා පිරිමි හැම තිස්සේම ඉන්නේ දූෂිත වූ මානසික තත්වයක් යටතේ. නමුත් ගැහැණු අපි ඒ වගේ නෙවෙයි. හැම තිස්සේම ගැහැණු අපි ආධ්‍යාත්මිකව ශක්තිමත් ජීවිත ගත කරන්නේ. හැම තිස්සේම අපි කායිකව පිරිමින්ට වඩා ශක්තිමත්. ගැහැණු අපි පිරිමින්ට වඩා කායිකව ශක්තිමත් නැති නම් කොහොමද අපි දරුවන් වදන්නේ දරුවන් හදන්නේ. දරුවෙක් වදන්න දරුවන් හදන්න පුලුවන් දුර්වල කායික මානසික පසුබිමක් තියෙන කෙනෙකුට. මේ ප්‍රති වාදියා කියන පිස්සා කියනවා ගැනූ අපි දුර්වල වෙලා ජීවත් වෙන්න ඕනලු. ඌගේ කවුරුහරි නම් ඌ ඔය වගේ මෝඩ කතාවක් කියන්නේ නැහැ.


මම නම් ඌගේ බ්ලොග් එකට ආයිමත් යන්නේ නැහැ කමෙන්ට් දාන්න. මාර පිස්සෙක්. මම හිතුවේ බුද්ධිමත් විිදිහට අදහස් හුවමාරු කරගන්න පුලුවන් තැනක් කියලා එතන. නැහැ එතන පිස්සන්ගේ පාරාදීසියක්. මම දන්න හඳුනන පරණ බ්ලොග්කාරියෝ සේරම මගෙන් ඉල්ලා හිටියේ අනේ අක්කි ඔයා තවත් නම් එතැනට යන්න එපා මිනිහා පිස්සෙක්. අපිවත් යන්නේ නැහැ කියලා. මිනිහා තමන්ව බ්ලොග් ලියලා තමන්ට වෙන වෙන නම් වලින් කමෙන්ට් කරලා තනියම ආතල් එකක් ගන්න මොලේ කචල් පොරක්ලු. පේන්නේ නැද්ද අක්කි නිකම් අංගොඩින් පැනපු එකෙක් වගේනේ බ්ලොග් ආර්ටිකල් සේරම ලියලා තියෙන්නේ කියලා මම දන්නා බ්ලොග් ලියන නංගිලා මාත් එක්ක කිව්වා. දැන් දිලිනි අරගෙන බලන්න එයා කුරුටු ගෑ ගී පොත කියලා තමන්ගේ බ්ලොග් එකක් කරගෙන ඉන්නවා මිසක් එයා තවත් කෙනෙකුගේ බ්ලොග් එකකට යන්නේ නැහැ හොඳට පුරුදු කෙනෙකුගේ ඇරන්න. තුශානි නංගි කරන පුංචි මල් කැකුළු බ්ලොග් එක අරගත්තත් එහෙමයි. අලුත් අලුත් බ්ලොග් ලියන නංගිලා වගයක් ඉන්නවා අංජලිකා නංගි, නිරෝමී නංගි, කෞශල්‍යා නංගි, අප්සරා නංගි වගේ අය විවිධ නම් යටතේ බ්ලොග් කරනවා එයාලා අලුත් මුහුණු අන්තර්ජාලයට. නමුත් පරණ අලුත් කියලා නැහැ මේ සේරම කැම්පස් කෙල්ලෝ. එයාලා දන්නවා කොහොම අයද ආශ්‍රය කරන්න ඕන. කොහොම අයද අතේ දුරින් තියා ගන්න ඕන කියලා.

No comments:

Post a Comment